09 May 2019

දරුවකු නොමැතිව පසුතැවිල්ලෙන් සිටින ඔබට රුහුණු රෝහලේ සාඵල්‍යතා මධ්‍යස්ථානයට පැමිණීමෙන් අස්වැසිල්ලක් ලබාගත හැකිවන බව සතුටින් දැනුම් දෙමු.

රුහුණු පෞද්ගලික රෝහලේ සාඵල්‍යතා මධ්‍යස්ථානයෙදී ඔබ වෙනුවෙන් සුවිශේෂී සේවාවන් රැසක් නවීනතම තාක්‍ෂණය සහිතව ස්ථාපිත කර තිබේ. ශුක්‍රාණු බැංකුව, අයි.යු.අයි ක්‍රමය, IVF තාක්‍ෂණය ඇතුලුව දරු සිඟිත්තකුගේ සිහිනය සැබෑ කර ගැනීමට හැම අයුරින්ම අත්වැලක් වන්නට රුහුණු පෞද්ගලික රෝහල් සාඵල්‍යතා ඒකකය සැදී පැහැදී සිටියි. In vitro Fertilization හෙවත් IVF ලෙස හඳුන්වනුයේ ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් කෘත්‍රිමව සංසේචනය කර එය යම් නිශ්චිත ප්‍රමාණයකට වර්ධනය වූ පසුව එම කලලය කාන්තාවකගේ ගර්භාෂයේ තැන්පත් කිරීමය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයට අනුව තරුණ යුවළක් විවාහ වී වසරක් ඇතුළත අපේක්‍ෂිත පරිදි දරුවකු පිළිසිඳ ගත්තේ නැතිනම් එයට හේතුව මදසරු බව හෝ නිසරු බව වියහැකි බව පිළිගෙන තිබේ. එහෙත් එය වයස මත වෙනස්වීමට හැකියාව තිබේ. ඒ අනුව වයස අවුරුදු 35 ඉක්ම වූ පසුව විවාහ පත් යුවළක් වසරක් බලා නොසිට වෛද්‍යවරයකු හමුවී අවශ්‍ය පරීක්ෂණ සිදුකිරීම ඉතා වැදගත්වේ.



වැඩියෙන් මඳසරු බව ඇත්තේ පිරිමින්ටද?

යුවළකට දරුවන් නොමැතිවීම හේතුවෙන් මූලික වශයෙන් අප සමාජය හුරුවී ඇත්තේ කාන්තාව දෙසට ඇඟිල්ල දිගු කිරීමටය. එහෙත් වර්තමාන පර්යේෂණවලට අනුව මඳසරු බවට හේතුවන සාධක වැඩිවශයෙන් දැකිය හැකි වන්නේ පුරුෂ පාර්ශවය තුළය. මෙහිදී පුරුෂ ශුක්‍රාණු තරලයේ ඇති ගැටලු මූලික වශයෙන් බලපානු ලබයි. එයට බලපාන හේතු කීපයකි. ශුක්‍රාණු තරල පරිමාව, චලනය වන ශුක්‍රාණු ප්‍රතිශතය, ශුක්‍රාණු සෛලවල සාමාන්‍ය හැඩය, ජිවීයතාවය, ශුක්‍රාණුවල සාන්ද්‍රණය නියමිත මට්ටමට වඩා අඩුවීම හේතූන් ලෙස දැකිය හැකිය. පුරුෂ ලිංගික පද්ධතිය ආශ්‍රිත අසාදන, පුරුෂ හෝමෝනවල අඩුපාඩු, වෘෂණ කෝෂවල ප්‍රමාණය සහ ඒවායේ පවතින ගැටලු ඉහත කරුණ සඳහා හේතුවේ .



කාන්තාවන්ට මඳසරු බව ඇතිවීමට හේතු

කාන්තා පාර්ශවය තුළ මඳසරුභාවය අතිවිමට හේතු ලෙස ඩිම්බ මේරීම පිළිබද ගැටලු ප්‍රධාන වශයෙන් දැකිය හැකිය. එමෙන්ම ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතුවීම සඳහා පැලෝපීය නාළය නිසි පරිදි ක්‍රියාකාරී විය යුතුය. එය අවහිර වන්නේ නම් මඳසරුභාවයට හේතුවේ. ශුක්‍රාණුවලට ගර්භාෂය තුළට පිහිනා යෑමට නොහැකිවන පරිදි අවහිරවීම, ගර්භාෂයේ වෙනස්කම්, එන්ඩොමෙට්‍රයෝසිස් ගැටලු, සිරුරේ හෝර්මෝන, ජානමය වෙනස්වීම් සහ පොලිසිසිස්ටික් ඔවේරියන් සින්ඩ්‍රෝම් යන තත්ත්වද මිට බලපෑමක් සිදු කෙරේ.


විශේෂයෙන් කාන්තාවන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණීමේදී ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයකු විසින් පරීක්ෂණයට භාජනය කෙරේ. එහිදී වෛද්‍යවරයා විසින් හඳුනා ගන්නා ගැටලුවලට පිළිතුරු ලබාදීම සදහා සාඵල්‍යතා මධ්‍යස්ථානයට යොමුකෙරේ. එහිදී ප්‍රධාන වශයෙන් ශුක්‍රාණුවලට ගර්භාෂයට පිහිනායමේ හැකියාව ඇත්දැයි පරීක්‍ෂා කිරීම සිදුකෙරේ.





පිරිමින්ට මඳසරු බව ඇතිවීමට හේතු

පිරිමි පුද්ගලයාගේ ඇති ලිංගික දුර්වලතා අති නවීන පර්යේෂණ ක්‍රමවේද උපයෝගී කරගෙන හඳුනාහනිම සිදුකෙරේ. මෙහිදී විශේෂයෙන් පිරිමියාගේ ධාතු පරික්ෂාව ඉතා වැදගත් අංගයක් වේ. පිරිමින් මඳසරු භාවයට පත්වීමට හේතු ලෙස පරිසරය දුෂණයවිම, ආතතිය වැඩිවීම, ආහාර රටාවේ වෙනස්කම්, රසායනික ද්‍රව්‍යවලට නිරවරණයවිම වැනි තත්ත්ව පෙන්වා දිය හැක. විවාහ වී අපේක්‍ෂිත පරිදි ගැබ් ගැනීමක් සිදුවුයේ නැතිනම් වසරක් යනතුරු බලා නොසිට ඉතා අඩු වියදමකින් ධාතු පරික්‍ෂාවක් සිදුකිරීම ඉතා වැදගත්ය.



නළදරු උපත්වලින් බිහිවන දරුවන් අනාගතයේදී විවිධ රෝගාබාධවලට ගොදුරුවේද?

මෙම ප්‍රතිකර්ම ක්‍රමය 1970 සිට භාවිත කෙරේ. එබැවින් විශාල ගැටලු දැනට දක්නට නොලැබේ. එසේ වුයේ නම් ප්‍රථම නළදරු උපත ලද පුද්ගලයාට මේවන විට ගැටලු මතුවී තිබිය යුතුය. එහෙත් දැනට එවැනි කිසිදු ගැටලුවක් පිළිබඳව අසන්නට නොලැබේ.





රුහුණු පෞද්ගලික රෝහලේ සාඵල්‍යතා ප්‍රතිකාර ලබාගන්නේ කෙසේද?

මඳසරු බවින් පෙළෙන යුවළක් සඳහා කෙරෙන මූලික පරීක්‍ෂණ ලෙස පුරුෂ පාර්ශවයේ සම්පූර්ණ ශුක්‍රාණු වාර්තාවක් ලබාගැනීමත් ස්ත්‍රියගේ ඩිම්බ නිපදවීම පිළිබඳ ස්කෑන් පරීක්ෂණයක්, පැලෝපීය නාළ අවහිරතා බැලීම පිළිබඳ HSG පරීක්‍ෂණයක් මුලින්ම සිදුකෙරේ.
ඕනෑම අයකුට රුහුණු රෝහලේ 0777 99 42 42 අංකයට අමතා විස්තර ලබාගත හැකිය. එසේ නැතහොත් රුහුණු රෝහලට පැමිණ සාඵල්‍යතා සඳහා යොමුවන ආකාරය පැහැදිලිව, සරලව දැනගත හැකිය. සාමාන්‍යයෙන් කාන්තාවන් ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයාට යොමුකළ පසුව ගැටලු ඇති කාන්තාවන් සාඵල්‍යතා ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන අතර පිරිමි පුද්ගලයන්ට ඍජුව සාඵල්‍යතා ප්‍රතිකාර සහ ශුක්‍රාණු පර්යේෂණ සිදුකල හැකිය.