Medical Information

19 March 2018

සන්ධිගත රෝග එදා වැළඳුණේ වැඩිහිටි අයට වුවත් අද සමාජයේ ජීවත් වන කුඩා දරුවන් පවා එම රෝගවලින් පීඩා විඳින බව කිව යුතුය. ඒ අනුව සන්ධිගත රෝග සඳහා වයස්භේදයක් බලපාන්නේ නැති බවද දැනගැනීම වැදගත් වේ. සන්ධිගත රෝග සඳහා ඛෙහෙවින්ම බලපෑම් කරන්නේ අප ගන්නා කෘත්‍රීම ආහාර හා ක්ෂණික ආහාර රටාවයි.

අපේ වැඩිහිටියෝ අතීතයේ දේශීය සහල් වර්ග, එළවඵැ වර්ග, පලතුරු වර්ග අනුභව කළහ. අපේ නූතන පරම්පරාවේ බොහෝ අය අද පරිහරණය කරන්නේ කෘත්‍රීම ආහාර සහ ක්ෂණික ආහාරය. ඒ නිසා දවසේ වේල් තුනම අපට වස විස අනුභව කොට අපගේ ශරීරය විවිධ රෝග පීඩා සඳහා යොමු කරවා ගැනීම අපිම සිදුකර ගනිමු. ආර්ථීකය හා මුදල් පසුපස හඹායාම නිසා කෘත්‍රීම හා ක්ෂණික ආහාරයට යොමුවීම ද බහුල ලෙස සමාජය තුළ මුල්බැස තිබීම අපේ අවාසනාවකි.

නොදැනීම කෘත්‍රීම හා ක්ෂණික ආහාරවලට ඇබ්බැහි වන අප බොහෝ දෙනෙකුට ආමාශගත රෝග හටගෙන ග්‍රහණි තත්ත්වයට පත්වේ. මෙසේ එම තත්ත්වය කල්යාමේදී අපේ ශරීරය තුළ ප්‍රතිරෝධ ඇතිකොට එමඟින් ඇතිවන ක්‍රියාකාරිත්වය සන්ධි ඉදිමීම හා බැසයාම වැනි තත්ත්වයට පත්වීම සිදුකෙරේ. වයස අවුරුදු 40 සම්පූර්ණ වන විට මේ තත්ත්වය හොඳින් දැකබලා ගැනීමට හැකිවේ.

ව්‍යායාම නොකිරීමත් සිදුකරන ව්‍යායාම කෘත්‍රීම ලෙස සිදුකිරීමට උත්සාහ කිරීමත් නිසා සියල්ල යාන්ත්‍රීකරණය වූ සමාජයක ජීවත් වන අප බොහෝ දෙනෙකු සන්ධි රෝගාබාධවලට නතුවීමට තවත් හේතුවක් විය හැකියි. අතපය විහිදුවා කරන ව්‍යායාම, ඇවිදීම, පිහිනීම, වැනි කටයුතු සන්ධි රෝගවලින් ආරක්ෂාවීමට අපටම කළ හැකි පූර්ව උපක්‍රම වේ. පිහිනීම වැනි ව්‍යායාම සිදුකරන විට ඒ තුළින් මස්පිඬු චලනය වීම නිසා මෙය රෝගීන්ට නිර්දේශිත හොඳ ව්‍යායාමයක් ලෙස හැඳින්විය හැකිය. එය මෙම රෝගයෙන් පීඬා විඳින හැමෝටම හොඳ දෙයක් ලෙසද කියන්නට පිළිවනි.

අපගේ ජීවිත ගමන ඉතා ඉක්මණින් කෙටි කිරීමේ (ශරීරයේ අක්රිය බව) හැකියාව සන්ධි රෝගවලට ලැඛෙන්නේ රෝගය නොසලකා හැරීමෙන් ඇතිවන හෘදරෝග, කොලෙස්ටරෝල් හා දියවැඩියාව වැනි සෙසු සුවකළ නොහැකි රෝග පීඩා කිහිපයකටම සන්ධි රෝග මඟින් සිදුකරන ප්‍රබල බලපෑම නිසාය.

සන්ධි රෝග වැළඳීම නිසා කෙනෙකුගේ ජීවිතයේ කඩාවැටීම ආරම්භය වේ. අධික වේදනාව, ශරීරයේ අතපය ඇදවී විකෘති තත්ත්වයකට පත්වීම, තමන්ගේ ශරීරය තමාටම පාලනය කර ගැනීමට නොහැකිවීම වැනි දේ මෙම රෝගයේ භයානකම අවස්ථාව ලෙස සැලකේ.

මෙම රෝග පිළිබඳ අනාවරණය කරගත් වහාම තමාගේ ආහාර රටාව වෙනස් කරගැනීම පළමුව කළ යුතුය. හරක් මස්, ඌරු මස් වැනි මස් වර්ග කිසිසේත් අනුභව නොකළයුතුය. කුකුල් මස් ආහාරයට ගන්නා අයෙකු නම් ඒවා හම රහිත විය යුතුය.

කොළ වර්ග ආහාරයට එක්කර ගැනීම, ඉපැරණි සහල් වර්ග සොයා ඒවා අනුභව කිරීම, අධික උෂ්ණත්වය මත ආහාර සකස් කරගැනීම නොකළයුතුය. ආහාර සකස් කර ගැනීමේදී ගෑස් උදුන් හා ඇලූමිනියම් හට්ටි වළං භාවිතයෙන් ඈත්විය යුතුය.

 

කරාපිටිය රුහුණු රෝහලේ,

සන්ධි පිළිබඳ ආයුර්වේද විශේෂඥ වෛද්‍ය,

සමන් විජයරත්න.

Dr. Saman Wijayarathne